දේශගුණ වෙනස්‌වීම හා ජීවීන්ගේ පරිණාමය

වර්තමාන දේශගුණ වෙනස්‌වීම හමුවේ ඇති වී තිබෙන විවිධ පාරිසරික වෙනස්‌වීම්වලට අනුහුරු වීම සියලු ජීවී විශේෂවල පැවැත්ම සඳහා ඉතා වැදගත් බව අප දන්නා කරුණකි. වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමය වෙමින් පැවත ආ ඇතැම් ජීවී විශේෂවල අනාගත පැවැත්ම රඳා පවතින්නේ මේ මත ය. මේ පිළිබඳව සිදු වන පර්යේෂණවලින් පෙනී යන්නේ ඇති වී තිබෙන තත්ත්වයේ බරපතළ බව පෙන්වා දෙන කරුණු ය.


ඇතැම් අධ්‍යයනවලින් පෙනෙන පරිදි ඇතැම් ජීවී විශේෂවලට මේ පාරිසරික වෙනස්‌වීම්වලට අනුහුරු වීම තුළින් තම විශේෂයේ පැවැත්ම තහවුරු කරගැනීමට හැකියාවක්‌ තිබේ. එහෙත් ඒ තත්ත්වයට වෙනස්‌ සාධක ද බලපාන බව පෙනේ. කෙසේ වෙතත් තවත් සමහර විශේෂවලට මෙන්ම ඇතැම් ජීවී කාණ්‌ඩවලට බලපා ඇත්තේ වඳ වීමේ තර්ජනයක්‌ බව තවත් පර්යේෂණවලින් පෙනේ. 

අප අද සාකච්ඡා කිරීමට තෝරාගත් මෑත දී වාර්තාවූ මෙවැනි පර්යේෂණ දෙකකින් හෙළි වන කරුණු අනුව අපට පෙනෙන්නේ මේ තත්ත්වය අප සිතනවාට වඩා සංකීර්ණ එකක්‌ බව ය.

ඇතැම් පක්‌ෂීන්ට අවස්‌ථාවක්‌ තිබේ

අප තෝරාගත් පළමු අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇති ආකාරයට, පරිසරයේ ඇති වන වෙනස්‌වීම්වලට ගැලපෙන වේගයකින් ප්‍රවේණික වෙනස්‌ වීම් ඇති වීමේ වැඩි අවස්‌ථාවක්‌, ප්‍රමාණයෙන් කුඩා සහ කෙටි ජීවිත කාලයක්‌ ඇති පක්‌à·‚à·’ විශේෂවලට තිබේ. කෙසේ වෙතත් එවැනි වේගවත් පරිණාමයක්‌ දක්‌වන ජීවී විශේෂවල පැවැත්ම සඳහා වුව ද, ඔවුන් විසින් පමණක්‌ දක්‌වනු ලබන පරිණාමය ප්‍රමාණවත් නො විය හැකි ය. මේ කරුණු හෙළි වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆර්ඩ් ප්‍රදේශයේ වාසය කරන ග්‍රේට්‌ ටිට්‌ (Great tit - Parus major) නම් කුඩා පක්‌à·‚à·’ විශේෂය පිළිබඳව වසර 50ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන ආශ්‍රයෙනි. 

යම් ජීවී විශේෂයකට පරිසරයේ ඇති වන වෙනස්‌වීම්වලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ස්‌වකීය රූපානුදර්ශය වෙනස්‌ කරගැනීමට ඇති හැකියාව රූපානුදර්ශී සුවිකාර්යතාව (phenotypic plasticity) නම් වේ. මේ හැකියාව නිසා කෙටිකාලීන වෙනස්‌වීම්වලට ඔවුන්ට කෙතරම් දුරට ඔරොත්තු දී පැවතිය හැකි ද යන්න තීරණය කරයි. ජීවී විශේෂ පරිසරයේ දැකිය හැකි කෙටිකාලීන වෙනස්‌ වීම්වලට දක්‌වන ප්‍රතිචාර දිගුකාලීන අධ්‍යයනවලින් හඳුනාගත හැකි ය. කෙසේ වෙතත් මේ සාර්ථකත්වය සඳහා බලපාන තවත් ප්‍රධාන කරුණක්‌ වන්නේ ඔවුන් තම පරිසරයේ දැකිය හැකි ප්‍රධාන සාධකවලට දක්‌වන ප්‍රතිචාර ය. නිදසුනක්‌ ලෙස ආහාර සුලබතාව දැක්‌විය හැකි ය. එසේ ම යම් විශේෂයක ආයු කාලය ඉහළ යන විට නව පරපුරක්‌ බිහි කිරීමට ගත වන කාලය ද වැඩි වේ. එවැනි අවස්‌ථාවල දී පරිණාමික අනුහුරුවීම් සෙමින් සිදු වන අතර අදාළ විශේෂයට දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන වඳ වී යැමේ තර්ජනයට තනි à·€ ම මුහුණ දීම අසීරු විය හැකි ය.

මේ අධ්‍යයනය සඳහා ඉහත කී පක්‌ෂියා යොදාගෙන ඇත්තේ, වසන්ත සමයේ ඉවතට එන දළඹුවන් ගේ ගණන ඉහළ ම අගයට පැමිණෙන කාලයේ දී පක්‌à·‚à·’ පැටවුන් බිහි වීම හා ගැලපිය යුතු බැවිනි. මේ පක්‌ෂීන් ගේ ප්‍රධාන ආහාරයක්‌ වන දළඹුවන් ඔවුන් ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. මේ කාලය ඇතුළත පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වර්ධනය හා සමඟ මේ දළඹුවන් ගේ උපරිමය පවත්නා කාල වකවානුවේ ඇති වී තිබෙන වෙනස්‌වීම් හා මේ හා සමගාමීව පක්‌ෂීන් බිත්තර දමන කාල වකවානුවල වෙනස්‌ වීම් මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ à·€ ඇත. 

මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට අදින් වසර පනහකට පෙර මේ පක්‌ෂීන් බිත්තර දැමූ දින වකවානුවට වඩා සති දෙකක්‌ පමණ කලින් මේ වන විට බිත්තර දමන බව පෙනේ. මේ යාන්ත්‍රණය නිසා මේ පක්‌ෂීන්ට අනාගතයේ දී වසරක්‌ තුළ ඇති වන සෙල්සියස්‌ අංශක 0.5ක උෂ්ණත්ව වර්ධනයකට වුවත් ඔරොත්තු දීමට හැකි වනු ඇත. එහෙත් මේ වන විට පිළිගෙන ඇති වඩාත් ආන්තික සංසිද්ධිය යටතේ වුව ද ඇති විය හැකි උෂ්ණත්ව වර්ධනය වසරකට සෙල්සියස්‌ අංශක 0.03ක පමණ ප්‍රමාණයක්‌ පමණක්‌ වන නිසා මේ පක්‌ෂීන්ට දේශගුණ වෙනස්‌ වීමේ තර්ජනයට අනුහුරු වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අනාගතයේ ඇති වන උෂ්ණත්ව වෙනස්‌ වීමට ඔරොත්තු දීමට මේ පක්‌ෂීන්ට අවස්‌ථාවක්‌ තිබේ. කෙසේ වෙතත් රූපානුදර්ශීය සුවිකාර්යතාව නොමැති වූයේ නම්, මේ පක්‌ෂීන් වඳ වී යැමට 60%ක පමණ අවස්‌ථාවක්‌ තිබිණි. (මූලාශ්‍රයPLoS Biology, DOI:10.1371/journal.pbio.1001605)

පෘෂ්ඨවංශීන්ට ඇති වඳ වීමේ තර්ජනය

කෙසේ වෙතත් තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇති අකාරයට, සැම ජීවී කාණ්‌ඩයක්‌ ම මේ තරම් වාසනාවන්ත නො වේ. එහි දී පෙන්වා දී ඇත්තේ ඉදිරි වර්ෂ සියයක පමණ කාලය ඇතුළත සිදු විය හැකි උෂ්ණත්ව වෙනස්‌ වීමට ගැලපෙන ආකාරයෙන් අනුවර්තනය වීමට නම් බොහෝ පෘෂ්ඨවංශී විශේෂ අදට වඩා 10,000ක ගුණයක්‌ තරම් වේගයෙන් පරිණාමය විය යුතු බව ය. 

මේ අධ්‍යයනය සඳහා ද යොදාගෙන ඇති ක්‍රමවේදය වැදගත් හා පුළුල් වූවකි. මෙහි දී සැම භෞමික පෘෂ්ඨවංශී කාණ්‌ඩයක්‌ ම පාහේ නියෝජනය වන ආකාරයෙන් විශේෂ 540ක්‌ පමණ පිළිබඳ දත්ත භාවිත කර ඇත. මේ ජීවීන් ගේ පරිණාමික ඉතිහාසයේ දී පැවැති වෙනස්‌ දේශගුණික තත්ත්වවලට ගැලපෙන ආකාරයෙන් හැඩගැසීමට මේ ජීවීන්ට කෙතරම් කාලයක්‌ ගත වී ද යන්න පරීක්‌ෂා කර බලා ඇත. ඉන් පසුව මේ පරිණාමික වේගය හා වර්තමාන තත්ත්වය හමුවේ මේ සියවස අවසානයේ දී ඇති වෙතැයි අපේක්‌ෂා කරන දේශගුණ වෙනස්‌ වීමේ වේගය හා සංසන්දනය කර තිබේ. මෙසේ අතීතයේ පැවැති අනුහුරු වීමේ වේගය හා අනාගතයේ අපේක්‌ෂිත දේශගුණ වෙනස්‌ වීමේ වේගය හා සංසන්දනය කරන ලද පළමු පර්යේෂණය ලෙස මෙය හැඳින්විය හැකි ය. 

ඔවුන් මේ සඳහා යොදාගෙන ඇත්තේ වංශ ප්‍රවේණිය (phylogenies) හෙවත් ජීවි විශේෂ එකිනෙකට සම්බන්ධ වන ආකාරය පෙන්වන පරිණාමික පවුල් ගස්‌ පිළිබඳ දත්ත ය. මෙහි දී එවැනි පරිණාමික පවුල් දහ හතක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. ඉන්පසුව මේ දත්ත හා එක්‌ එක්‌ විශේෂයේ දේශගුණ නිකේතනය (climatic niche) හා සම්බන්ධ කර දේශගුණ නිකේතනවල හා ජීවී විශේෂවල වෙනස්‌කම් කෙබඳු ආකාරයකින් සිදු වේ දැයි විමසා බලා ඇත. 

යම් ජීවී විශේෂයක්‌ කෙතරම් පැරැණි ද යන්න අප දන්නේ නම්, අදාළ ජීවියා ගේ දේශගුණ නිකේතනය කාලය සමඟ කෙතරම් වේගයකින් වෙනස්‌ වන්නේ ද යන්න විමසා බැලිය හැකි ය. මෙහි දී ඔවුන්ට පෙනී ගොස්‌ ඇත්තේ බොහෝ විශේෂ පරිණාමය වී ඇත්තේ වසර මිලියනයක්‌ හා මිලියන කිහිපයක්‌ අතර කාලයක්‌ ඇතුළත උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස්‌ අංශක 1-2ක්‌ අතර ප්‍රමාණයකින් වෙනස්‌ වී ඇති පරිසරයක දී බව ය. 

මෙහි දී අනාවරණය වී ඇති පරිදි, සාමාන්‍යයෙන් බොහෝ ජීවී විශේෂ සෙල්සියස්‌ අංශක එකක උෂ්ණත්ව වර්ධනයකට අනුහුරු වන්නේ වසර මිලියනයක පමණ කාලයක දී ය. පරිණාමය යනු එතරම් සෙමින් සිදු වන ක්‍රියාදාමයකි. මේ ප්‍රමාණය හා අනාගතයේ ඇති විය හැකි උෂ්ණත්ව වෙනස පිළිබඳව සසඳා බලා ඇත. ඒ අනුව ඉදිරි වසර සියයක පමණ කාලය ඇතුළත ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක හතරකින් ඉහළ ගිය හොත් එය ඉතා වේගවත් වර්ධනයක්‌ වන අතර ඊට ගැලපෙන ආකාරයෙන් පරිණාමය වීමට බොහෝ විශේෂවලට නොහැකි වනු ඇත. මේ වෙනස්‌වීම්වලට ගැලපීමට නම් කෙතරම් වේගයකින් පරිණාමය විය යුතු ද යන්න විමසා බලා ඇත. එය බොහෝ අවස්‌ථාවල දී දස දහස්‌ ගුණයක්‌ තරම් විය හැකි ය.

මේ අනුව පෙනෙන්නේ 2100 වර්ෂය වන විට ඇති විය හැකි දේශගුණ තත්ත්වවලට මුහුණ දීමට හැකි තරම් වේගයකින් බොහෝ භෞමික පෘෂ්ඨවංශී විශේෂවල පරිණාමයක්‌ සිදු නො විය හැකි බව ය. එවැනි තත්ත්වයක්‌ තුළ ජීවීන්ට දේශගුණ වෙනස්‌වීමේ බලපෑම්වලින් ආරක්‌ෂා වී සිය පැවැත්ම තහවුරු කරගත හැක්‌කේ යෝග්‍ය දේශගුණ තත්ත්ව ඇති පරිසරයක්‌ වෙත සංක්‍රමණය වීමෙනි. එ නම් ඔවුන් අද ජීවත් වන ප්‍රදේශයේ උෂ්ණත්වය හා සමාන උෂ්ණත්වයක්‌ ඇති ප්‍රදේශවලට ය. නිදසුනක්‌ ලෙස ඉහළ උන්නතාංශයක්‌ ඇති ප්‍රදේශවලට හා උතුරු හෝ දකුණු ධ්‍රැව දෙසට හෙවත් ඉහළ අක්‌ෂාංශ දෙසට සංක්‍රමණය වීම දැක්‌විය හැකි ය. යෝග්‍ය පරිසරයක්‌ වෙත සංක්‍රමණය වීම හැම විට ම සාර්ථක නො වේ. ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි, ස්‌වකීය පැවැත්ම ආරක්‌ෂා කරගැනීමට ප්‍රමාණවත් තරම් වේගයකින් ඇතැම් සත්ත්ව විශේෂවලට පවා සංක්‍රමණය වීම අසීරු ය. ඊට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් සහ ස්‌වාභාවික භූගෝලීය බාධක නිසා ද මේ සංක්‍රමණවලට බාධා ඇති වීම හා අඛණ්‌ඩව සංක්‍රමණය වීම අසීරු වීමයි.

අනෙක්‌ අතට කිසියම් ජීවී විශේෂයක බොහෝ ගහන වඳ වී ගිය ද, ඇතැම් ගහන ආරක්‌ෂා වීම හරහා අදාළ ජීවී විශේෂයේ අඛණ්‌ඩ පැවැත්ම තහවුරු විය හැකි ය. එහෙත් මේ කිසිදු විකල්පයක්‌ නොමැති වුව හොත්, සිදු විය හැකි දේ වන්නේ වඳ වී යැමයි. (මූලාශ්‍රයEcology Letters, DOI:10.1111/ele.12144)

මානව බලපෑමේ තරම

මිහිතලය මත ස්‌වකීය පැවැත්ම සඳහා වූ සාධාරණ අහිමි වීමේ තර්ජනයකට ජීවී විශේෂ රැසක්‌ ලක්‌ à·€ ඇත්තේ වර්තමාන දේශගුණ වෙනස්‌ වීම හා එහි අහිතකර ප්‍රතිඵල නිසා ය. දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන මූලික සාධකය වන්නේ පසුගිය ශතවර්ෂ දෙකකට ම`දක්‌ අධික කාලයක්‌ තුළ මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය හා වර්තමාන සංවර්ධන ආකෘතියයි. මේ වන විට මේ සඳහා මිනිසා ගේ දායකත්වය පිළිබඳව කිසිදු සැකයක්‌ නොමැති තරම් ය.

එහෙත් ඉහත සඳහන් කළ වෙනස්‌ වීම් වළක්‌වාගැනීමේ වැඩි හැකියාවක්‌ හා අවස්‌ථාවක්‌ ඇත්තේ ද මිනිසාට ම ය. ඊට හේතුව ඔහු ගේ ක්‍රියාකාරිත්වය හා එහි ප්‍රතිඵල පාලනය කළ හැක්‌කේ මිනිසාට ම වන නිසා ය. ඒ සඳහා ඔහුට වගකීමක්‌ හා යුතුකමක්‌ ද ඇත. මේ මිහිතලය ලොව වෙසෙන සියලු ජීවීන්ට අයත් ය. වර්තමාන දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම මෙන්ම ජීවී විශේෂ සංරක්‌ෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීමට ද මේ කාලය බව පෙනේ